01 December 2022
සිංහල | English

එන්න එන්නම විශාල වන ඩයිනොසෝරයන්ගේ රජු



මීට වසර මිලියන ගණනාවකට කලින් මේ මහ පොළොවේ රජකම් කළේ ඩයිනොසෝරයන් බව අපි හැම කෙනෙක්ම දන්නවා.

ඒ වගේම තමයි ඔවුන් මේ මහා පොළවෙන් වඳ වෙලා ගිය හේතුව පවා අපි දන්නවා.

නමුත් කාලයක් පුරාවට ෆොසිල සාක්ෂි හැදෑරීමෙන් අද වෙන කොට විද්‍යාඥයන්ට මේ යුගයේ ජීවත් වුණ සතුන් ගැන විශාල තොරතුරු රැසක් සොයාගෙන තිබෙනවා.

2 new species of massive sauropod dinosaurs found in China, a 1st for the  region - ABC News

එමෙන්ම මේ යුගයේ විවිධ සතුන් ජීවත් වුණත්, ඔවුන් පිළිබඳව හමුවන තොරතුරු නිරන්තරයෙන් වෙනස් වෙනවා.

ඒ අනුව වෙනස් වුණ තවත් විශේෂ කාරණාවක් ගැන තමයි අද අපි Colombo Times තුළින් කතා කරන්න සූදානම් වන්නේ.

ඩයිනොසෝරයන් අතරින් දරුණුම සත්වයා ලෙස සැලකෙන Tyrannosaurus Rex හෙවත් T. rex.

Scientists say T-rex had complex sensing nerves in its jaw

එමෙන්ම T. rex හැඳින්වෙන්නේ ඩයිනොසෝරයන්ගේ රජු ලෙසයි.

ඒ අනුව මෙම සත්ත්වයින් පෘථිවියේ සැරිසරන කාලයේදී රාත්තල් 33,000 (කිලෝග්‍රෑම් 15,000) දක්වා බරින් යුක්ත වී ඇති බව විද්‍යාඥයින් පවසනවා.

එනම් මෙම සත්ත්වයා අලියන් දෙදෙනෙකු හෝ ලන්ඩන් නගරයේ ගමන් ගන්නා තට්ටු දෙකේ බස් රථයක බරට වඩා වැඩි බරකින් යුක්ත වන බව සඳහන්.

එය කලින් නිගමනය කළ ප්‍රමාණයට වඩා සියයට 70කට වඩා වැඩි ප්‍රමාණයක්.

Tyrannosaurs rex (pictured) was a species of bird-like, meat-eating dinosaur. It lived between 68–66 million years ago in what is now the weste  side of North America

ඒ අනුව කැනේඩියානු ස්වභාව කෞතුකාගාරයේ පර්යේෂකයන් විසින් මෙම ප්‍රාග් ඓතිහාසික සත්වයාගේ ශරීරයේ උපරිම ප්‍රමාණය පිළිබඳව පුරෝකථනය කරන ලද ආකෘතියක් ගොඩනඟා තිබෙනවා.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් පර්යේෂකයන් පවසන්නේ සොයාගත් නිදර්ශක නිවැරදි නිරූපණයක් නොවිය හැකි බැවින්, සැබෑ තත්ත්වය මීට වඩා වෙනස් විය හැකි බවයි.

පුරාවිද්‍යාඥයන් දෙදෙනෙකු වන ජෝර්ඩන් මැලන් සහ ආචාර්ය ඩේව් හෝන් ප්‍රථමයෙන් මෙම සත්ත්වයන්ගේ ආයු කාලය පිළිබඳව තොරතුරු රැස්කර තිබෙනවා.

The largest dinosaur specimen ever discovered is is

පසුව ඩයිනොසෝරයාගේ ජීවිත කාලය තුළ සාමාන්‍ය වර්ධන වක්‍රය පුරෝකථනය කරන ආකෘති දෙකක් තැනීමට ඔවුන් මෙම දත්ත භාවිතා කර තිබුණා.

ඒ අනුව ඔවුන් ගණන් බලා ඇත්තේ එහි බර රාත්තල් 53,000 (කිලෝග්‍රෑම් 24,000) දක්වා වැඩි වනු ඇති බවයි.

එමෙන්ම ඔවුන් සොයාගෙන ඇත්තේ ඇත්ත වශයෙන්ම T. rex විශේෂ තුනක් ජීවත්ව සිට ඇති බවයි.

එම වර්ග 3 වන්නේ T. rex - ඩයිනෝසෝරයන්ගේ රජු, T. regina - ඩයිනෝසෝරයන්ගේ රැජින සහ T. imperatorයි.

2 New Species of Tyrannosaurus Named - Meet T. imperator & T. regina -  YouTube

පසු කාලීනව පරීක්ෂකයින් මෙය ප්‍රතික්ෂේප කර තිබෙන අතර, ඔවුන් පවසන්නේ එම සංකේතාත්මක විශේෂය බෙදීමට ප්‍රමාණවත් සාක්ෂි තවමත් නොමැති බවයි.

මීට අමතරව මෙම සත්වයාගේ ඇවිදීමේ වේගය අලියන්, අශ්වයන් සහ මිනිසුන්ගේ වේගයට සමාන බවද ඔවුන් පවසනවා.

තව දුරටත් අධ්‍යනය කරමින් ඔවුන් පවසන්නේ ඩයිනොසෝරයාගේ ශරීරයට සාපේක්ෂව මෙතරම් කුඩා අත් තිබුණේ මන්දැයි ඔවුන් අධ්‍යනය කරන බවයි.

මේ අනුව ඔවුන්ගේ ශරීරයේ ප්‍රමාණයන් පිළිබඳව විශ්ලේෂණය කර තිබෙනවා.

Tyrannosaurs would bite each other

ඒ අනුව නිදසුනක් වශයෙන්, අඩි 45 ක් දිග T. rex සත්ත්වයෙක් හට අඩි පහක් දිග හිස් කබලක් තිබිය හැකි බවයි.

සාමාන්‍ය මිනිසුන් අතර විශේෂ ශරීර ඇති මිනිසුන් ජීවත් වන ලෙසම, මොවුන් අතරද අසාමාන්‍ය ලක්ෂණ ඇති සතුන් සිට තිබෙන බව පරීක්ෂකයින් පවසනවා.

තවත් අධ්‍යනයකින් පෙන්නුම් කරන්නේ මොවුන් ගොදුරු ආහාරයට ගන්නා විට අනෙකුත් වැඩිහිටියන් විසින් සපා කෑමේ අවදානම අවම කිරීම සඳහා මෙසේ මොවුන්ගේ ශරීරය පිහිටා ඇති බවයි.

Young T. rexes had a powerful bite, capable of exerting one-sixth the force  of an adult - ScienceBlog.com

ඒ අනුව නිරන්තරයෙන් වෙනස් වන මේ දත්ත හේතුවෙන් ඩයිනෝසෝරයන්ගේ යුගයේ ජීවත් වූ සතුන්ගේ විස්තර නිරන්තරයෙන් වෙනස් වීමක් දක්නට ලැබෙනවා.

මේ වගේ ඉදිරි පරීක්ෂණ කටයුතු පිළිබඳව තොරතුරු දැනගැනීමට Colombo Times සමඟ දිගටම රැඳී සිටින්න.
(Vimarshana Samarakoon @ COLOMBO TIMES)