02 December 2025

logo

ආපදාවට පත්වූවන්ට සහන සැලසීමට LB Finance සමාගමෙන් රුපියල් ලක්ෂ 50ක පරිත්‍යාගයක්



අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව LB Finance සමාගම විසින් රුපියල් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.
 
ඊට අදාළ චෙක්පත LB Finance සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නිරෝෂන් උඩගේ විසින් ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත පිළිගන්වා තිබෙන බවයි සඳහන් වන්නේ.
 
විපතට පත් ජනතාව වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ඉදිරියේදී තවදුරටත් සහාය ලබාදීමට බලාපොරොත්තු වන බවද LB Finance සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නිරෝෂන් උඩගේ මෙහිදී ජනාධිපති ලේකම්වරයාට සහතික වී තිබෙනවා. 

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ සහ LB Finance සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව තිබෙනවා. 



(colombotimes.lk)