01 January 2026

logo

මාතාද? මහතාද? - LPL ආරම්භයම ආන්දෝලනයකට



ජාතික ගීය යනු රටක අභිමානය ලොවටම කියාපාන කලාකෘතියක්.

එමෙන්ම ජාතික ගීය ගායනා කිරීමේදී සීරුවෙන් සිට ආචාර දක්වන්නේ ඒ වෙනුවෙන් ඇති ගෞරවය හේතුවෙන්. 

ඊයේ (31) LPL තරගාවලියේ සමාරම්භක උළෙලේ දී ජාතික ගීය ගායනා කළ ආකාරය සම්බන්ධයෙන් සමාජ ජාලයන්හි දැඩි විවේචන එල්ල වුණා.

එම ගායනය නව පරපුරේ ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ විසින් සිදුකළා.

නමුත් මෙම ගායනයේදී 'ශ්‍රී ලංකා මාතා' යන්න 'ශ්‍රී ලංකා මහතා' ලෙස ඇසෙන බවත් එය ජාතික ගීය විකෘති කර ගායනා කිරීමක් බවත් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබෙනවා.

මේ සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ Share වූ Post කිහිපයක් පහතින්.,
(colombotimes.lk) 

No description available.
No description available.
No description available.
No description available.