20 November 2025

logo

ලංකාවේ සියලු ඉඩම් කඩිනමින් සිතියම්ගත කිරීමට අවධානය



ශ්‍රී ලංකාවේ පවතින සියලුම ඉඩම්, නිවැරදිව මිනුම් කර කඩිනමින් සිතියම් ගත කර අවසන් කිරීමට කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වී තිබෙනවා. 

2021, 2022 සහ 2023 යන වසරවල රජයේ සමාගම්, දෙපාර්තමේන්තු, කොමිෂන් සභා සහ මණ්ඩල කිහිපයක වාර්ෂික වාර්තා සහ වාර්ෂික කාර්ය සාධන වාර්තා සලකා බැලීම සඳහා පසුගිය 17වනදා එම කාරක සභාව එහි සභාපති හෙක්ටර් අප්පුහාමිගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

එහිදී මේ පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා.

මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීන් කාරක සභාවට කරුණු දක්වමින් සඳහන් කළේ දැනට පුරෝකථනය කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ ඉඩම් කට්ටි මිලියන 16.5 පවතින බැවින් ඉන් ඉඩම් කට්ටි මිලියන 2.5ක්  මිනුම් කර සිතියම් ගත කර ඇති බවයි. 


(colombotimes.lk)