20 November 2025

logo

2024 - 2025දී බහුලව භාවිතා කර තිබෙන මුරපදය සොයා ගනියි



අන්තර්ජාල මුරපද කළමනාකරණ සේවාවක් වන 'NordPass' ආයතනය, අඛණ්ඩව 07වන වසරටත් රටවල් 44ක් පුරා බහුලවම භාවිත වන මුරපද 200ක ලැයිස්තුවක් නිකුත් කර තිබෙනවා.

එම ආයතනය සඳහන් කළේ මෙම අධ්‍යයනයට අනුව 2024 සැප්තැම්බර් සිට 2025 සැප්තැම්බර් දක්වා කාලය තුළ ගෝලීය වශයෙන් බහුලවම භාවිතා වන මුරපදය '123456' වී තිබෙන බවයි.
 
එමනිසා එමඟින් පහසුවෙන් අනවසරයෙන් ඇතුළු විය හැකි බැවින් භාවිතයෙන් වැළකිය යුතු බව එම ආයතනය අවධාරණය කර තිබෙනවා. 

(colombotimes.lk)