colombotimes.lk
සිංහල | English

08 September 2024


ලියනෝල් මෙසී වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය නැවතත් දිනාගනී



2023 වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී සමත් වුණා. 

ඒ අන්තර් ජාතික පාපන්දු සම්මේලන වාර්ෂික සම්මාන උළෙලේදීයී. 
 
2023 අන්තර්ජාතික පාපන්දු සම්මේලන වාර්ෂික සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ, එංගලන්තයේ ලන්ඩන් නුවරදී යි. 
 
පසුගිය වසරේ පැවති ලෝක කුසලාන පාපන්දු ශූරතාවය දිනූ ආර්ජන්ටිනා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ මෙසී මෙම සම්මානය දිනූ 3වැනි අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්. 
 
ඔහු පසුගිය වසරේ දී 8වැනි වරටත් බැලැන්ඩෝර් සම්මානයෙන්ද පිදුම් ලැබුවා. 
 
ප්‍රංශ සුපිරි පාපන්දු ක්‍රීඩක කිලියන් එම්බාපේ සහ නෝර්වේහි අර්ලින් හාලන්ඩ්ද මෙම සම්මානයට නිර්දේශ වුණා.
(colombotimes.lk)