24 December 2025

logo

කාන්තාවකගේ මොළයට පණුවෙකු ගිය හැටි හෙළිවේ



ඔස්ට්‍රේලියාවේ රෝහලක කළ සැත්කමක් අතරතුරදී ලොව පළමු වරට මිනිසෙකුගේ මොළය තුළ තිබී සජීවී පණුවෙකු හමුවී තිබුණා. 

මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවරින් වාර්තා වන 64 හැවිරිදි කාන්තාවක්. 
 
ඇයගේ පූර්ව මස්තිෂ්කයේ හානිවූ පටක අතර තිබී මෙම රතු පැහැති පරපෝෂිතයා සොයාගෙන ඇත්තේ කැන්බරා හිදී පසුගිය වසරේ සිදුකළ සැත්කමක් අතරතුරදීයී. 
 
මෙම සැත්කම සිදුකර ඇත්තේ එරට සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් වීම විශේෂත්වයක්. 
 
මෙසේ හමුවූ සෙන්ටිමීටර් 8ක් දිගැති 'ඔෆිඩස්කාරිස් රොබට්සි' නමැති වට පණුවා මාස දෙකක පමණ කාලයක් ඇයගේ මොළය තුළ සිට ඇති බවයි වෛද්‍ය නිගමනය වී ඇත්තේ. 
 
මෙම පරපෝෂිත විශේෂය ඔස්ට්‍රේලියානු විෂ රහිත කාපට් පිඹුරන්ගේ සිරුරේ බහුලව හමුවෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
පිඹුරන්ගේ මළපහවලින් දූෂිත වූ කොළ වර්ගයක් පිසීමෙන් තොරව ආහාරයට ගැනීමෙන් පරපෝෂිත බිත්තර ඇයගේ සිරුර තුළට යන්නට ඇති බව විද්‍යාඥයින් සැක පළ කරනවා.
(colombotimes.lk)