12 November 2024


ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්



හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේව  නොවැම්බර් මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ  ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අද (31) මහනුවර කටුගස්තොටදී අත්අඩංගුවට ගනු ලැබුවා.  

(colombotimes.lk)