02 July 2025

logo

පාස්පෝට් ගන්න මහනුවර දිගු පෝලිම්



විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම් කිරීමේ අපේක්ෂාවෙන් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ මහනුවර ශාඛා කාර්යාලයේ ඉදිරිපිට දැඩි තදබදයක් හටගෙන තිබෙනවා.

ඊයේ (27) පස්වරුවේ සිට මෙම පිරිස රැඳී සිටි අතර අද (28) පෙරවරුවේද තවත් පිරිසක් පැමිණීම හේතුවෙන් උණුසුම්කාරී තත්වයක් තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම තත්වය පාලනය කිරීම සඳහා පොලිස් ආරක්ෂාවද යොදා තිබෙනවා.

(colombotimes.lk)