07 July 2025

logo

ප්‍රංශ යුදවිරුවන් සිහිකරමින් "D-Day" සමරයි



දෙවන ලෝක යුද්ධයේදී සටන් කළ ප්‍රංශ විරුවන් 11 දෙනෙකුට උපහාර දක්වමින් 79 වන 'D-Day' සැමරීම ඊයේ (06) සිදුකර තිබෙනවා. 

ඒ, එරට Louisville Bowman පිටියේදීයි. 
 
1944 ජූනි 6 දින සිදුවූ ඉතිහාසයේ විශාලතම ගොඩබිම් ආක්‍රමණය මෙලෙස 'D-Day' යනුවෙන් හැඳින්වෙනවා. 
 
ඒ අනුව මීට වසර 79කට පෙර ඇමරිකානු සොල්දාදුවන් සහ මිත්‍ර හමුදා විසින් Normandy වෙරළ තීරයට කඩා වැදෙමින් එය ආක්‍රමණය කිරීමට සැරසී තිබුණා. 
 
එම අවස්ථාවේදී ප්‍රංශ නාවික ප්‍රහාර අංශ 5ක් ඔවුන් සමඟ සටන් වැදී තිබෙනවා. 
 
මෙම මෙහෙයුමට OVERLORD යන සංකේත නාමය ලබාදී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
මෙවර 'D-Day' සැමරීමේදී එම සටනට සහභාගී වූ යුද විරුවන් එක්කර ගැනීම විශේෂත්වයක්.
(colombotimes.lk)