28 November 2022
සිංහල | English

ආනයනය අත්හිටවූ භාණ්ඩ වර්ග කිහිපයක සීමාවන් ඉවත් කිරීමට අවදානය



ආනයනය සඳහා පනවා ඇති සීමාවන් තවදුරටත් ලිහිල් කිරීමේ හැකියාව රජය විසින් සොයා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. 

 
ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන දේශීය නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දෙමින් ආනයන සීමා පනවා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. 
 
භාණ්ඩ 1,465ක් ආනයනය කිරීම අගෝස්තු මාසයේදී නිකුත් කළ ගැසට් පත්‍රයක් මගින් තහනම් කළ ද භාණ්ඩ 708ක් සඳහා පනවා තිබූ සීමාව පසුගියදා ලිහිල් කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. 
 
බලපෑමට ලක් වූ විවිධ කර්මාන්තවල පුද්ගලයින් විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන ආනයන සීමා ලැයිස්තුවෙන් භාණ්ඩ කිහිපයක් නිදහස් කළ බව ඔහු සඳහන් කළා.
(colombotimes.lk)