24 December 2025

logo

හිටපු සෞඛ්‍ය ඇමතිව නිල නිවසෙන් ඉවතට



පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ තමාට වෙන් කළ නිල නිවස බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත්තේ, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා නිල නිවසින් ඉවත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක ඊයේ (28) නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව සලකා බැලීමෙන් අනතුරුව මෙම අධිකරණ නියෝගය නිකුත් කර තිබුණා.

අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ පසුවත් හිටපු අමාත්‍යවරයා එම නිල නිවසේ රැඳී සිටින බව අමාත්‍යාංශ ලේකම්වරයා අධිකරණයට දන්වා සිටි අතර ඔහුට ඉන් ඉවත් වන ලෙස නියෝගයක් ලබාදෙන ලෙසද ඉල්ලා සිටියා.

එම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් චන්න ජයසුමන කියා සිටියේ තමන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ (HRCSL) තීරණයක් මත නිල නිවසේ පදිංචිව සිටින බවයි.
(colombotimes.lk)