දරුවන් හිංසනයට ලක්වීම වැළැක්වීම සහ දරුවන් ශික්ෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් ලාංකීය සමාජය තුළ සංවාදයක් නිර්මාණය වීම සාධනීය තත්ත්වයක් බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කළා.
ඒ ලංකා ගුරුසේවා සංගමය විසින් ඊයේ (29) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේවෙතත් නව නීති සංශෝධන යටතේ ගුරු-විදුහල්පතිවරුන් අගතියට පත් වන බවට පළවන අදහස් ප්‍රතික්ෂේප කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ දරුවන් සම්බන්ධයෙන් මේ වන විටත් නීති රීති සහ චක්‍රලේඛ රැසක් පවතින බවයි.
එමෙන්ම මෙරට ගුරු - විදුහල්පතිවරුන් දුෂ්කරතා මධ්‍යයේ වුවද දරුවන් ශික්ෂණය කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා පවසනවා.
ඔහු කියා සිටියේ මෙරට පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය නූතනත්වයට ගෙන එමින් ශික්ෂණයක් සහිත ශිෂ්‍ය ප්‍රජාවක් මෙන්ම ඉහළ වෘත්තීමයභාවයක් සහිත ගුරු-විදුහල්පති සේවයක් නිර්මාණය කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණ වන බවයි.
(colombotimes.lk)