හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (12) උදෑසන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
ඒ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන්යානා මිලදී ගැනීමේදී ලබාදුන්නේ යැයි කියන ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම්දීමකට අනුවයි.
හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කළේ අද (12) උදෑසන 9.00ට අල්ලස් කොමිසම හමුවේ මහින්ද රාජපක්ෂ පෙනී සිටීමට නියමිත බවයි.
(colombotimes.lk)
