හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙට (12) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ හෙට උදෑසන 9.00ට අල්ලස් කොමිසම හමුවේ හිටපු ජනාධිපතිවරයා පෙනී සිටින බවයි.
කෙසේ වෙතත් යම් යම් නීතිමය කරුණු සම්බන්ධව සාකච්ඡා කළ යුතු බවත් ඒ අනුව අද (11) පස්වරුවේ පැවැත්වෙන නීතීඥ කණ්ඩායමක් හමුවේ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
