හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද (12) උදෑසන 11.50ට පමණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් පිටවී ගොස් තිබෙනවා.
ඔහු අද (12) උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේදී ලබාදුන් බව කියන ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම්දීමකට අනුව ඔහු අද උදෑසන 9.30ට පමණ අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා.
(colombotimes.lk)
