ට්‍රැක්ටරයක් මාර්ගයෙන් ඉවතට පැන ඊයේ (16) අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ මඩොල්සිම පස්සර මාර්ගයේ මාළිගාතැන්න දෙසට ඇති අතුරු මාර්ගයේ බෑවුම් සහිත ස්ථානයකදීයි.
එම අනතුරෙන් රියදුරු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
වයස අවුරුදු 43ක් වූ වැරැල්ලපතන, මඩොල්සිම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
