24 November 2025

logo

පුරාවස්තු කැණීම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට



පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයෙක් තණමල්විල, බටුවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා කැණීම් උපකරණ ද සමඟ අත්අඩංගුවට ගත් බවයි.
 
වයස අවුරුදු 52ක් වන සූරියආර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

තණමල්විල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)