24 November 2025

logo

මධ්‍යම කඳුකරයට කාලගුණය දරුණු වෙයි



මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට දිනපතා ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මටට්ම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවරුන් පවසනවා.
 
ඔවුන් සඳහන් කළේ කාසල්රි ජලාශය පිටාර මට්ටමට අඩි 9ක් සහ මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 15ක් දක්වා ආසන්න වෙමින් පවතින බවයි.

එලෙස ජලාශ 02 ජල මට්ටම ඉහළයාමත් සමඟ විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියෝන් සහ පොල්පිටිය ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම ජලාශභාර ඉංජිනේරුවන් ප්‍රකාශ කළා.

මේ අතර පවතින වර්ෂාවත් සමඟ හැටන් ඩෙවෝන් සහ සෙන්ක්ලෙයාර් දිය ඇලිවල ජල ධාරිතාවද ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 





(colombotimes.lk)