පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඇතිවූ නායයාමත් සමඟ ගමනාගමන අවහිරතාවන්ට මුහුණදී ඇති අ.පො.ස උසස් පෙළ විභාග අපේක්ෂකයන් සඳහා ගමනාගමන මණ්ඩලය බස් රථ යොදවා තිබෙනවා.
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පී. එච්. ආර්. ටී. චන්ද්‍රසිරි සඳහන් කළේ විකල්ප මාර්ග ඔස්සේ මහනුවර දක්වා ධාවනය කිරීමට මාවනැල්ල ඩිපෝවෙන් එලෙස බස් රථ යොදවා ඇති බවයි.
විභාගය පැවැත්වෙන දිනයන්හීදී විකල්ප ප්‍රවාහන ක්‍රම හරහා විභාග මධ්‍යස්ථාන වෙත ප්‍රවේශවීමට නොහැකි යම් අපේක්ෂකයෙක් ඇත්නම් ළඟම පිහිටි කලාප අධ්‍යාපන කාර්යාලය හෝ 117 සහ 1911 යන දුරකතන අංක අමතන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළා.
ඇය වැඩිදුරටත් කියා සිටියේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කල් ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට සැලසුම් කරන ලෙසයි.
(colombotimes.lk)
