ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි Julie Jiyoon Chung සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (24) පාර්ලිමේන්තුවේදී පවත්වා තිබෙනවා.
මෙම හමුවේදී තානාපතිනිය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරන සාම බලකා අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පිළිබඳවත් අනෙකුත් සහයෝගීතා වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවත් සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ෆුල්බ්‍රයිට් ජාත්‍යන්තර ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන මඟින් දෙරට අතර අධ්‍යාපනික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳවත් මෙහිදී අවධාරණය කර තිබෙනවා.
(colombotimes.lk)
