මාන්කුලම, A 09 මාර්ගයේ පනිච්චන්කුලම ප්‍රදේශයේදී අද (15) අළුයම සිදු වූ රිය අනතුරකින් තුන්දෙනෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසනවා.
කොළඹ සිට යාපනය දෙසට ධාවනය වූ වෑන් රථයක්, එම දිශාවටම නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී පසුව ලොරිය ඉදිරියේ තිබූ තවත් ලොරියක ගැටී අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 38, 46 හා 58 යන වයස්වල පසුවූ මුල්ලේරියාව නව නගරය, වැල්ලම්පිටිය හා යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක්.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)