අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එම පෙත්සම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම එහි වග උත්තරකරු ලෙස නම් කර සිටින අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබන 02වනදා කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)