රුපියල් බිලියන 4 කට අධික වටිනාකමකින් යුත්, ඉහළ පෙළේ වාහන රැසක් කූට ලෙස ලියාපදිංචි කිරීමක් හෙළිකරගැනීමට පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය සමත් වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරයේ පුද්ගලයෙකු සහ මෙහෙයුමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු එම ඒකකය විසින් ඊයේ (අගෝස්තු 10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු නිලධාරියා සන්තකයේ තිබී සොයාගත් ව්‍යාජ ලෙස ලියාපදිංචි කර තිබූ සුඛෝපභෝගී වාහනයක් සම්බන්ධයෙන් කළ විමසීමකදී මෙම නීති විරෝධී ක්‍රියාව හෙළිදරව් වී තිබුණා.
මෙම ජාවාරමට සම්බන්ධ තවත් පිරිසක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)