ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.
එහිදී ඔහු කියා සිටියේ ඓතිහාසික හා ස්වභාවික සංචාරක ගමනාන්ත ස්ථාන ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ආරම්භ කිරිමට බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම රජයේ තානායම්, ඵලදායීව සංචාරක කර්මාන්තයට යොදා ගැනීමට බලාපොරාත්තු වන අතර එවැනි ස්ථාන 900ක් හඳුනාගෙන තිබෙන බව ජනාධිපතිවරයා ඉදිරිපත් කරන අයවැය කතාවේ සඳහන්.
බේරේ වැව සංවර්ධනය කර එය කොළඹ ආකර්ශනීය ස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා කියා සිටියා.
ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඒ සඳහා රුපියල් මිලියන 2500ක් යොදා ගැනීමට යෝජනා කර තිබෙන බවයි.
සංචාරක කර්මාන්තය සඳහා අභ්‍යන්තර ගුවන් ගමන්වලට හිඟුරක්ගොඩ ගුවන්තොටුපළ සංවර්ධනය කර 2026දී විවෘත කිරීමටත්, යාපනය ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු වැඩි කිරීමටත් පියවර ගන්න බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)
