ශ්‍රී ලංකාවේ චෙක් ජනරජයේ තානාපතිනි ආචාර්ය Eliska Zigova සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ (25) පවත්වා තිබෙනවා.
ඒ අරලියගහ මන්දිරයේදීයි.
එහිදී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය ගොඩනගා ගනිමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා පවතින ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම දෙරට අතර විද්‍යාව සහ අධ්‍යාපනය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.