23 May 2026

logo

මෙනින්ජයිටීස් අවදානම ඉහළට



මෙනින්ජයිටීස් වැළඳුනු බවට සැකකෙරෙන රෝගීන් 116ක් මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසන්ගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන, වසන්ගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම සඳහන් කළේ ප්‍රධාන වශයෙන් අපිරිසිදු ජලය හෝ ආහාර මඟින් මෙම රෝගය ව්‍යාප්ත වන බවයි.

මේ වන විට දියතලාව ප්‍රදේශයෙන් රෝගීන් 28දෙනෙක්, රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් රෝගීන් 25දෙනෙක්, වැලිමඩින් රෝගීන් 13දෙනෙක් සහ දෙනියාය ප්‍රදේශයෙන් රෝගීන් 50දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. 

විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම සඳහන් රෝගය පැතිර යාම වැලැක්වීම සඳහා කටයුතු කරමින් සිටින බවයි. 

(colombotimes.lk)