18 December 2025

logo

හෙළිදරව් නොකළ දත්ත රැස්කිරීමට එරෙහිව Meta සමාගමට දඩ



Facebook හිමිකරු Meta Platforms හට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 20ක ($13.5m) දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කර තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණය විසින්.

ස්මාර්ට් ජංගම දුරකථන යෙදුම් හරහා ඕස්ට්‍රේලියාවේ හෙළිදරව් නොකළ දත්ත රැස්කිරීම හේතුවෙන් මෙම දඩ මුදල නියමකර ඇති බව සඳහන්.

මීට අමතරව Meta, අනුබද්ධිත Facebook හි ඊශ්‍රායලය ශාඛාව සහ අත්හිටුවා ඇති යෙදුමක් වන Onavo සම්බන්ධයෙන් තවත් දඩ මුදලක් නියම කෙරුණා.

එහිදී ඕස්ට්‍රේලියාවේ Competition and Consumer Commission (ACCC) වෙත නීතිමය වියදම් වශයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 400,000 ($ 270,631) ගෙවන ලෙස දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)