07 July 2025

logo

මයික් පෙන්ස් ජනපති සටනට



ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සටනට එරට හිටපු උප ජනාධිපති මයික් පෙන්ස් එක් වී තිබෙනවා. 

64 හැවිරිදි ඔහු, ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේදී ඇමරිකාවේ 48 වැනි උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා. 
 
ඒ අනුව රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා මේ වනවිට පුද්ගලයින් 7 දෙනෙකු එක්ව සිටින බව සඳහන්. 
 
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රොන් ඩි සැන්ටිස්, නිකී හේලි, විවේක් රාමාස්වාමි, ඒසා හචින්සන් සහ ටිම් ස්කොට් ද මීට ඇතුළත් වනවා. 
 
ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වයට ජෝ බයිඩන්, මේරි ඈන් විලියම්සන් සහ රොබර්ට් එෆ් කෙනඩි ජූනියර් තරඟ වැදීමට නියමිතයි.
(colomotimes.lk)