උතුරු ඇමරිකාවේ ජනතාවට එළිමහනේ දී N95 මුව ආවරණ පැළඳීමට උපදෙස් දී තිබෙනවා.
ඒ කැනඩාවේ ඇති වී තිබෙන දැඩි ලැව්ගිනි හේතුවෙන් ඇති වූ දුර්වල වාතයේ ගුණාත්මක මට්ටම් හේතුවෙන්.
ඔටාව නගරයේ එළිමහන ද දැඩි තැඹිලි පැහැයක් ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
නිව්යෝර්ක් නගරයේ අද නොමිලේ මුහුණු ආවරණ බෙදා හැරීමට නියමිතයි.
කැනඩාව පවසා ඇත්තේ මිනිසුන්ට ගෘහස්ථව සිටීමට නොහැකි නම් ඔවුන් ද මුහුණු ආවරණ පැළඳිය යුතු බවයි.
අනතුරුදායක දුම් සහිත තත්ත්වය සති අන්තය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව නිලධාරීන් අනතුරු අඟවනවා.
ලැව්ගිනි 150 ක් ඇවිළෙන ක්විබෙක් වෙතින් බොහෝ දුමාරයක් පැමිණෙමින් පවතින අතර පළාතේ පදිංචිකරුවන් 15,000 කට වැඩි පිරිසකට ඉවත් කිරීමට සිදුවනු ඇති බවයි එහි බලධාරීන් පවසා ඇත්තේ.
(colombotimes.lk)