12 December 2025

logo

අමාත්‍ය බිමල් රත්නායක කොත්මලේ ප්‍රදේශයේ සංචාරයක



දිට්වා ආපදා තත්ත්වයෙන් විපතට පත් කොත්මලේ ප්‍රදේශයේ ජනතාවට ලබාදෙන සහන සම්බන්ධයෙන් සොයා බැලීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අද (11) එම ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබෙනවා.

අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර කොත්මලේ තවලන්තැන්න විහාරස්ථානය, පාලුවත්ත, රම්බොඩගම යන ප්‍රදේශවල අවතැන්වූවන් සහ සංඝරත්නය හමු වී සාකච්ඡා කර තිබෙන බවයි සඳහන් වන්නේ.

ඉන් අනතුරුව ඔහු කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යලය වෙත ගොස් කාර්ය මණ්ඩලය සමඟ ද සාකච්ඡා කර තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ කොත්මලේ ප්‍රදේශයට පැමිණෙන සියලුම මාර්ග මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති නිසා අවතැන්වූවන්ට පහසුවෙන් සහන සැලසීමට හැකියාව පවතින බවයි.

මෙම සංචාරය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි, අනුෂ්කා තිලකරත්න සහ මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මහේන්ද්‍ර විජේපාල එක් වී තිබෙනවා.

(colombotimes.lk)