ඇල්ල, දෙමෝදර ආරුක්කු නවය පාලම ආසන්නයේ මධුරගම කොටසේ හටගෙන ඇති ගින්න මේ වන විට මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව පොලිසිය, ප්රදේශවාසීන්,බණ්ඩාරවෙල නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යොදාගෙන මෙම ගිනි නිවීමේ කටයුතු සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය සඳහන් කළේ, ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර 200කට අධික ප්රමාණයක් විනාශ වී ඇති බවයි.
අදාළ ගිනි ගැනීම හේතුවෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති අතර ඇල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
(Colombotimes.lk)
