ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමග මේ වනවිට ඩෙංගු මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ එක්වර රෝගීන් වැඩි වුවහොත‍් එය පාලනය කිරීම අසීරු වන බවයි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,017, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,602, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,984 ලෙස වාර්තා වී තිබෙනවා.
මේ අතර ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 22 දෙනෙක් මියගොස් ඇති අතර ඉන් මරණ 7 ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වනවා.
(colombotimes.lk)