අපි වැඩි දෙනෙක් ජීවිතේ එක පාරක් හරි බයිසිකලයක් පැදලා තියෙනවනේ. පුංචි කාලේ නම් අපේ එක හීනයක් තමයි බයිසිකලයක් පදින එක. එහෙම නැතිනම් අපිටම කියලා බයිසිකල් එකක් තියෙන එක. අපි පුංචි කාලේ නම් බයිසිකල් පැද්දේ විනෝදයට. හැබැයි බයිසිකල් පැදීම මගින් අපිට හිතාගන්නවත් බැරි තරම් ප්‍රයෝජන රැසක් සිරුරට ලබා ගන්න පුළුවන්. අද Be Happy කියන්න හදන්නේ බයිසිකල් පැදීම මගින් සිරුරට ලැබෙන වාසි පිළිබදවයි.
බර අඩුවීම
අද කාලේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි බර වැඩි වීම කියන්නේ. ඉතින් අධික බර නැති කරගන්න තියෙන හොඳම විසදුමක් විදියට බයිසිකල් පැදීම හදුන්වන පුළුවන්. බයිසිකල් පැදීම මගින් අපේ ශරීරයේ විවිධ කොටස් වලට ව්‍යායාම ලැබෙනවා. ආන්න ඒකත් එක්ක අපේ මාංශපේෂීන් වර්ධනයකුත් සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම බයිසිකල් පැදීම කියන්නේ ශරීරයට ඉතාම හිතකර ව්‍යායාම එකතුවක්.
හදවත් රෝග වලට තිත
බයිසිකල් පැදීමෙන් අපේ හාට් රේට් එක ඉහළ ගිහින් සමස්ත ශරීරය පුරාවටම හොඳ ලේ ගමනාගමනයක් සිද්ධ වෙනවා. මේ හේතුවෙන් අපිට හදවත් රෝග හැදෙන්න තියෙන අවදානම සෑහෙන්න අඩු වෙනවා. ඒකත් එක්කම පිළිකා රෝග එහෙම හැදෙන්න තියෙන අවදානමත් බයිසිකල් පැදීම මගින් අඩු කරගන්න පුළුවන් කියලා අධ්‍යන මගින් හෙළි වෙලා තියෙනවා.
ප්‍රතිශක්තිය ඉහළ නැංවීම
මේ දවස් වල නිතරම කතා බහට ලක්වෙන මාතෘකාවක් තමයි ප්‍රතිශක්තිය කියන්නේ. ඔයා දැනගෙන හිටියද බයිසිකල් පැදීම මගින් ප්‍රතිශක්තිය ඉහළ නංවා ගැනීමට පුළුවන් කියලා. ඇත්තටම බයිසිකල් පැදීම කියන්නේ ශරීරයට හිතකර ව්‍යායාම එකතුවක්නේ. ඉතින් ඒ ව්‍යායාම එකතුවෙන් ලැබෙන තවත් ධනාත්මක දෙයක් තමයි අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිබල ගැන්වීම. කෙටියෙන්ම කිව්වොත් දිනපතා ව්‍යායාමයක් හෝ විනෝදාංශයක් විදියට බයිසිකල් පදින පුද්ගලයෙකුට ලෙඩ රෝග වලින් වැලකී සිටීමට හැකියාව ලැබෙනවා.
නිරවුල් මනසක්
අපි හැමෝටම ජීවිතේට අවශ්‍ය ප්‍රධානතම දේවල් දෙකක් තියෙනවා. එකක් ශාරීරික සෞඛ්‍යය. අනික මානසික සෞඛ්‍යය. බයිසිකල් පැදීම කියන්නේ නිකම්ම ව්‍යායාම කිරීමක් නෙවෙයි. ඒක ඇත්තටම විනෝදාංශයකුත් කරගන්න පුළුවන්. බයිසිකල් පදින එකේ සතුටක් තියෙනවා. ආන්න ඒ මානසික සතුට අපිට ඉතාම වැදගත්.
බයිසිකල් පැදීම කියන්නේ ජීවිතයට සතුට ළඟා කරන ව්‍යායාමයක් හා විනෝදාංශයක් බව ද එය ජීවිතය ප්‍රබෝධවත් කරවන බවද බයිසිකල් පදින්නෝ අත්දැකීමෙන් දන්නවා. බයිසිකල් පැදීමෙන් මිනිස් මොළයේ සිදුවන රසායනික ක්‍රියාකාරකම්වලට විශාල බලපෑමක් ඇති වන බව විද්‍යාඥයන් ද තහවුරු කරලා තියෙනවා. ඉතින් ඔයත් අද ඉදලා දවසට පොඩි වෙලාවක් බයිසිකල් පදින්න අමතක කරන්න එපා.
(Dinithi Thilakarathne @ COLOMBO TIMES)