03 January 2026

logo

සංගීත සංදර්ශන අවසන් කිරීමට අදාළ කාල සීමාව සංශෝධනය කෙරේ



සංගීත සංදර්ශන අවසන් කිරීමට අදාළ කාල සීමාව සංශෝධනය කර තිබෙනවා. 

ඒ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයකට අනුවයි. 
 
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ මූලික අයිතිවාසිකම් නඩුවක් සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ නියෝගයට අනුව කාල සීමාව වෙනස් කර ඇති බවයි. 
 
Twitter පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය ප්‍රනාන්දු ප්‍රකාශ කළේ රාත්‍රී 10 ට සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ මුල් කාලය දීර්ඝ කර ඇති බවයි. 
 
සංශෝධිත කාල සීමාව පහත පරිදි වනවා. 
 
* සිකුරාදා සහ සෙනසුරාදා - පෙරවරු 1.00 
 
* ඉරිදා - පෙරවරු 12.30 
 
කෙසේ වෙතත්, එම සංගීත සංදර්ශන පැවැත්වෙන ස්ථානය රෝහල් සහ ආගමික ස්ථාන අතර සාධාරණ දුරස්ථභාවයක් පවත්වා ගත යුතු බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේ.
(colombotimes.lk)