රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුගේ රැකවරණය යටතේ මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහය භූමදානය කිරීම සම්බන්ධයෙන් වැදගත් තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජූලි 24) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
ඒ අනුව එවැනි අවස්ථාවන්හිදී මුස්ලිම් ජාතිකයන් භූමදාන කිරීමේ ක්‍රමවේදයන් සඳහා නව නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මෙම හමුවේදී මුස්ලිම් මරණ සඳහා මරණ සහතික නිකුත් කිරීම සම්බන්ධ ගැටලුවක් නිලධාරීන් විසින් අවධාරණය කළා.
මුස්ලිම් සිරිත් විරිත්වලට අනුව, මරණයෙන් පැය 24 ක් ඇතුළත භූමදානය කළ යුතු වනවා.
කෙසේ වෙතත්, අවශ්‍ය මරණ සහතිකය ලබාගැනීමේ ප්‍රමාදය හේතුවෙන් දේහය පිළිබඳ අවසන් කටයුතු නියමිත වේලාවට නිම කිරීමට බාධා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙයට පිළියමක් ලෙස අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක මහතාට උපදෙස් දී ඇත්තේ අදාළ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ භූමදානය සිදුකිරීමේ නිර්දේශිත ක්‍රියා පටිපාටි ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
(colombotimes.lk)