30 April 2026

logo

මුස්ලිම් රාජ්‍ය සේවකයින්ගේ වැඩමුර වෙනස් කරයි



මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබෙනවා.

රාමසාන් සමය හේතුවෙන් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර රාමසාන් සමය මාර්තු 12 වන දින සිට අප්‍රේල් 11 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව නොවැළැක්විය හැකි අවස්ථාවලදී පමණක් විශේෂ නිවාඩු අනුමත කරදෙන ලෙස ද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් කර තිබෙනවා.

රාමසාන් අවසන් වීමට දින 14කට පෙර සුදුසුකම් ඇති මුස්ලිම් නිලධාරීන් සඳහා උත්සව අත්තිකාරම් ලබාදීමට කටයුතු කරන ලෙස ද එහි සඳහන්.
(colombotimes.lk)