colombotimes.lk
සිංහල | English

18 October 2024


PHOTOS | NASA සිත්තම් තරගයේ ලොව පළමු තැන ශ්‍රී ලංකාවට



ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ, 2 ශ්‍රේණියේ, දහම් ලෝෂිත ප්‍රේමරත්න සමත්වී තිබෙනවා.

ඒ අනුව මෙම තරගයේ 'Living & Working in the Space' තේමාව යටතේ ඉදිරිපත් කළ චිත්‍ර අතරින් වයස අවුරුදු 4-6 කාණ්ඩයේ පළමු ස්ථානය ඔහුට හිමිවුණා.

නාසා ආයතනයේ 2024 වසර සඳහා වන දින දර්ශනයේ ජුලි මාසය සඳහා මෙම චිත්‍රය ඇතුළත් කර ඇති බව වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)