අඟහරු ග්‍රහලෝකය මත ඇති පාෂණ වලට සමාන මෙරට පාෂාණයක් පිළිබඳව නාසා ආයතනය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකික විද්‍යාඥයෙකු වන ආචාර්ය සුනිති කරුණාතිලක මහතා වීම විශේෂත්වයක්.
ඔහු මේ වනවිට නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු ලෙස කටයුතු කරන බව සඳහන්.
මෙම පාෂාණ විශේෂය නීල ගරුඬ පාෂාණය එහෙමත් නැත්නම් චන්ද්‍රකාන්ත පාෂාණය ලෙස හැඳින්වෙනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මෙය අඟහරු ග්‍රහලෝකයේ ඇති Serpentine පාෂාණයට සමානකම් දක්වන බවයි.
(colombotimes.lk)