19 January 2026

logo

ධීවරයන් දෙදෙනෙක් අතුරුදන් වෙයි



ධීවර රැකියාව සඳහා මුහුදු ගිය හලාවත වැල්ල ගම්මානයේ ධීවරයන් දෙදෙනෙක් අතුරුදන් වී තිබෙනවා. 

මෙම ධීවරයන් දෙදෙනා අද (19) අලුයම 2.00ට පමණ එක්දින ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔවුන් රැකියාව සඳහා ගිය ධීවර යාත්‍රාව මුහුදේ පාවෙමින් තිබියදී තවත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් විසින් එය දැක ගොඩබිමට දැනුම්දී තිබෙනවා. 

මෙම දැනුම්දීමෙන් අනතුරුව මෙම ධීවරයන් සෙවීම මේ වන විට ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙලෙස අතුරුදන්ව ඇත්තේ හලාවත වැල්ල කරුස පාඩුව පදිංචි 40 සහ 44 හැවිරිදි වියේ පසුවන ධීවරයන් දෙදෙනෙක් බව පොලීසිය සඳහන් කළා. 

(colombotimes.lk)