රට පුරා විවිධ ව්‍යාපාරික ස්ථානවලට යමින් සූක්ෂම අයුරින් එහි සේවකයන් රවටමින් මුදල් ලබාගත් පුද්ගලයෙක් කොට්ටාව නගරයේදී අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොට්ටාව පොලීසිය විසින්.
රත්මලාන, ගල්කිස්ස, මහරගම, තිස්සමහාරාමය යන පොලිස් ස්ථාන රැසකට මොහුගේ වංචා පිළිබඳව පැමිණිලි ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.
එලෙස අත්අඩංගුවට ගත් අදාළ සැකකරු විවිධ ව්‍යාපාරික ස්ථානවලට ගොස් මුදල් අයකැමිවරුන් ඉතා සූක්ෂම අයුරින් රවටමින් ඔවුන්ගෙන් මුදල් ලබාගෙන ඒවා මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වියදම් කර තිබෙනවා.
එම සැකකරු වයස අවුරුදු 42ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
