දුම්රිය ස්ථානාධිපති සංගමය මේ මස 23වනදා වැඩ වර්ජනයක නියැලීමට සැලසුම් කර තිබෙනවා.
ඔවුන් සඳහන් කළේ දුම්රිය ස්ථානාධිපති සේවයේ බඳවාගැනීමේ පටිපාටිය පිළිබඳ ගැටලුවට ප්‍රවාහන සහ දුම්රිය බලධාරීන් විසඳුම් ලබානොදෙන්නේ නම් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා නව බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියට අදාළ අන්තර්කාලීන විධිවිධාන සඳහා නිරීක්ෂණ සහ නිර්දේශ මීට මාස 4කට පෙර යොමුකර තිබෙනවා.
දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර කියා සිටියේ ඒවා ක්‍රියාත්මක නොකිරීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙන බවයි.
(colombotimes.lk)
