27 September 2022
සිංහල | English

ලොව බාල්දුම මුදල් ඒකක අතර ශ්‍රී ලංකා රුපියලට හිමි වූ තැන



ලොව බාල්දුම මුදල් ඒකක අතර 03 වෙනි ස්ථානය ශ්‍රී ලංකා රුපියලට හිමි වී තිබෙනවා. 

 
ඒ, එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්ක්ගේ ශ්‍රේණි ගත කිරීම් අනුවයි. 
 
ඒ අනුව ජනවාරි මස 01 වෙනිදා සිට ඉකුත් 16 වෙනිදා දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 47.79 කින් අවප්‍රමාණය වී තිබෙන බවයි මහාචාර්ය ස්ටීව් හැන්ක් මහතා පෙන්වා දෙන්නේ. 
 
එම ශ්‍රේණිගත කිරීමට අනුව පළමුවෙනි ස්ථානය සිම්බාබ්වේ මුදල් ඒකකයටත්, දෙවැනි ස්ථානය කියුබානු මුදල් ඒකකයටත් හිමිව තිබෙනවා.
(colombotimes.lk)