ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමේදී තමන්ට කොමිස් මුදලක් ලැබෙන බවට සාක්ෂි පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන ලෙස වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඔහු පැවසූවේ එය සනාථ වුවහොත් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.
ඒ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් චෝදනා කළේ බිත්තර ආනයනයේදී කොමිස් ගණුදෙනුවක් සිදුවන බවටයි.
(colombotimes.lk)
