පැය 04ක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.
අපරාධ කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ සමඟ සබඳතා පැවැත්වූ බවට සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් CIDය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර ඔහුට කැඳවීමක් සිදු කර තිබුණා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (03) උදෑසන 10.15ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා.
