අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබෙනවා.
ඒ රුපියල් 100,000ක ශරීර ඇපයක් මතයි.
පසුගිය ජනවාරි 08වනදා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.
ඒ සම්බන්ධයෙන් හේමාල් රණසිංහ අද උදෑසන වැල්ලවත්ත පොලීසියට භාර වූ අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
