ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් අද (03) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඉන් පිටව ගොස් තිබෙනවා.
ඒ පැය 4කට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ සමයේ ශිරන්ති රාජපක්ෂ තවත් දෙදෙනෙක් සමඟ හවුල් ගිණුමක් ලෙස පවත්වාගෙන ගිය 'සිරිලිය' නැමැති ගිණුම හරහා සිදුවූයේ යැයි පවසන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව මෙලෙස ඇයව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස හමුවට කැඳවා තිබෙනවා.
