ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායන් (SOEs) පෞද්ගලීකරණය කිරීමේ අඛණ්ඩ උත්සාහයන් පිළිබඳව අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ඔහු පවසන්නේ පාඩු ලබන ආයතන ලාභ ලබන ව්‍යාපාර බවට පත් කිරීම සඳහා ඒවා පෞද්ගලීකරණය කිරීමට සලකා බැලීම පිළිබඳව ගැටළුවක් නොමැති බවයි.
නමුත් දැනටමත් ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීම දැඩි අවධානයට ලක්විය යුතු කරුණක් බව ද ඔහු සඳහන් කළා.
මීට අමතරව ලාබ ලබන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීමට තීරණයක් ගෙන තිබේ නම්, එවැනි තීරණයක් පිටුපස ඇති තාර්කිකත්වය අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවද ඔහු සඳහන් කළා.
(colombotimes.lk)