17 October 2025

logo

සාගර පතුලේ කැණීම් ගැන භයානක හෙළිදරව්වක්



ඛනිජ ලබා ගැනීම සඳහා මුහුදු පතුල තුළ කැණීම සිදුකරන කළාපයක් ලෙස ඕස්ට්‍රේලියාවේ Nauru හැඳින්වෙනවා. 

නමුත් මේ හේතුවෙන් විශාල පාරිසරික තර්ජනයක් මේ වනවිට මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
 
මෙම කැණීම් හරහා සාගර පතුල තුළ ඇති අත්‍යවශ්‍ය සමුද්‍ර පරිසර පද්ධති විනාශ වන බව සඳහන්. 
 
Nauru යනු ඕස්ට්‍රේලියාවේ වෙරළට කිලෝමීටර් 4,000ක් (සැතපුම් 2,485) ඔබ්බෙන් පිහිටි කුඩා පැසිෆික් දූපතක්. 
 
මෙම දූපතෙහි දළ වශයෙන් 12,000කට ආසන්න ජනගහනයක් සිටින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)