06 November 2025

logo

යාපනය - කුඩඉරිප්පු මුහුදෙන් කේරල ගංජා මතුවෙයි (PHOTOS)



ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය කුඩාඉරිප්පු මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 86කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. 

නාවික හමුදාව ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් මෙම කේරළ ගංජා තොගය දමා යන්නට ඇති බවට සැක කරන බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. 
 
කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 28 කට අධික බව විශ්වාස කෙරෙනවා.
(colombotimes.lk)